Sunday, September 22, 2024

‘යුගදනවි ’ කොටස් 40%ක් අමෙරිකාවට දීම ගැන අධ්‍යයනය කර ප්‍රකාශයක් කරනවා

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් වටිනාකමින් 40%ක් ඇමෙරිකාවට ලබාදීම සඳහා වන ගිවිසුම සම්බන්ධව අස්ගිරි මහා විහාරීය සංඝ සභාව රැස්කර නිසි අධ්‍යන්‍යයක් සිදු කිරීමෙන් පසු ප්‍රකාශයක් සිදුකරන බව අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියෝ පැවසූහ.

මෙම අවස්ථාව් අභියෝග රැසක් රට හමුවේ තිබෙන බවත් ඒ සියල්ල නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් රට ඉදිරියට ගෙන යායුතුව තිබෙන බවත් උන්වහන්සේ කීහ.

මහනාහිමියෝ එසේ පැවසුවේය සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු කණ්ඩායමක් ඊයේ (27) පෙරවරුවේ අස්ගිරි මහ විහාරයට ගොස් උන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදීය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල,ජේ.සී අලවතුල,මුජිබර් රහුමාන්,‍රෝහණ බණ්ඩාර,අජිත් පී පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.යුගදනව් විදුලි බලාගාරයේ කොටස් ඇමරිකානු සමාගමකට විකිණීම මගින් රටට සිදුවන හානි පිළිබඳ කරුණු අඩංගු ලියවිල්ලක්ද මෙම පිරිස ‍මෙහිදී විමහනාහිමියන්ට පිළිගන්වනු ලැබූහ.

රටට යම් අයහපතක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුව නිවැරදි මාවතට යොමු කිරීම විපක්ෂයේ කාර්යභාරය බවත් අදාළ ගිවිසුම මගින් යම් හානියක් සිදුවන්නේ නම් ඒ ගැන ජනතාව දැනුම්වත් කිරීමට පියවර ගැනීම අගය කරන බවත් මෙහිදී අස්ගිරි මහනාහිමියෝා ප්‍රකාශ කළහ.

මෙම ගිවිසුම සම්බන්ධව මාධ්‍ය මගින් දක්වන කරුණු හැරෙන්නට එහි අන්තර්ගතය සම්බන්ධව නිසි අවබෝධයක් නොමැති නිසා ඒ ගැන රටට ප්‍රකාශයක් කිරීම සංඝ සභාව රැස්කාර සාකච්ඡා කිරීමෙන් අනතුරුව සිදුකරන බවද උන්වහන්සේ පැවසූහ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles