මනූෂට දෙවන ලියුමත් එයි

0
328

දත්ත මගඩිය සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශ පදනම්කොට සිදු කරන විමර්ශනයට ප්‍රතිචාර නොදැක්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික ස්ථානාධිපතිවරයා සිහිකැඳවීමක් එවා තිබේ.

මනූෂ නානායක්කාර මහතාට එරෙහිව පැමිණිල්ල ගොනුකර තිබෙන්නේ, ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියායි.

සැප්තැම්බර් 03 වැනි දා පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඉදිරිපත් කළ අදහස්වලට අනුව විමර්ශනයට අදාල තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවය එන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණි.

එදින නොපැමිණීම මුල්කොට ගෙන ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා මන්ත්‍රීවරායට නිකුත් කළ සිහිකැඳවීමේ සඳහන් වන්නේ අදාල නියෝගයට අනුව ක්‍රියානොකිරීම දණ්ඩ නීති සංග්‍රහයේ 172 වැනි වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here