Monday, November 18, 2024

ඇත්ත සුදත් මෙන්න

ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන ඡායාරූප ශිල්පී සුදත් මලවීර  මහතා ඡායාරූප ලබාදීමට බව  පවසමින් අල්ලස් ලබා ගැනීමකදී අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන  තිබෙනවා.

බස්නාහිර පළාත්සභා මන්ත්‍රී ජගත් විතාන මහතාගේ මෙහෙයවීමෙන්  මතුගම බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය කිරීමේ උත්සවයක් සදහා ජනාධිපතිවරයා පසුගිය දා එක්වූ  අතර එම ඡායාරූප ලබාදීම සඳහා එක් ජයාරුපයකට රුපියල් 9500 ක් බැගින් අවශ්‍ය බව සුදත් සුදත් මලවීර  මහතා  ජගත් විතාන මන්ත්‍රීවරයාට දැනුම් දී තිබුණා.

මෙම  මුදල් ලබාදීමට යාමේදී අල්ලස් නිලධාරීන් විසින් සුදත් මලවීර අත්අඩංගුවට ගෙන ඇතත් පසුව ජනාධිපති පුත් දහම් සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් මුදා හැර තිබෙනවා.

මෙම පුවත වැරදි ආකාරයෙන් මාධ්‍යට ලබා දී ඇති අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධාන ඡායාරූප ශිල්පී සුදත් සිල්වා අල්ලස් ලබා ගැනීමකදී හසුව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles