උතුරු කොරියාව විසින් කෙටිදුර මිසයිලයක් ඔවුන්ගේ නැගෙනහිර මුහුදු කලාපයට නිකුත් කර ඇති බව දකුණු කොරියානු හමුදා පවසනවා. ස්ව ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමට සහ අවි ආයුධ අත්හදා බැලීමට තමන්ට ඇති අයිතිය අහිමි කිරීමට කිසිවෙකුට නො හැකි බව උතුරු කොරියානු තානාපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය අමතමින් පවසා ඇති අතරතුරයි මෙම මිසයිල අත්හදා බැලීම සිදු කර ඇත්තේ.