යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත ලබාදෙන G.S.Pප්ලස් සහනය ඉදිරියටත් ලබාදීම සම්බන්ධයෙන් මෙරට පවත්නා ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වන සාකච්ඡාවක් යුරෝපා සංගම් නියෝජිතයින් සහ ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දින (28) පෙරවරුවේ අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙහිදී යුරොපා සංගමය නියෝජනය කරමින් පැමිණ සිටි නියෝජිතයින් විසින් ඔවුන් ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන ආකල්ප ගැන සඳහන් කල අතර අධිකරණ ක්ෂේත්රයේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා වෙතින් විමසා සිටන ලදී.
මෙහිදී ගරු අමාත්‍යතුමා විසින් වර්තමානයේ අධිකරණ ක්ෂේත්රයේ සිදු කෙරෙන නීති ප්‍රතිසම්පාදනය, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම නඩු කටයුතු කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් දියුණූකිරීම මෙන්ම අධිකරණ ශාලා වැඩිකිරීමත් ඊට සමගාමීව විනිසුරුවන් වැඩිකිරීම, ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු සම්බන්ධයෙන් එහි සාධනීය තත්වය පිළිබඳව යුරෝපා සංගමයේ නිලධාරීන් හට පුලුල්ව දැනුවත් කරන ලදී.
ඉන් අනතුරුව යුරොපා සංගමයේ නිලධාරීන් මෙරට තුළ පවතින වත්මන් තත්වය හා රජය විසින් ගෙනයන වැඩපිළිවෙලෙහි ප්‍රගතිය පිළිබඳ යහපත් ප්‍රතිචාරයක් දැක්වූ අතර, ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය කෙරෙහි සෑහීමකට පත්වන බවත් ඉදිරියට ලබාදිය හැකි සියලු සහන සම්බන්ධයෙන් ධනාත්මකව සලකා බලා කටයුතු කරන බවත් සඳහන් කරන ලදී.
මෙම අවස්ථාවට යුරෝපා සංගමය වෙනුවෙන් නිලධාරීන් කිහිප දෙනෙකු, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රියන්ත මායාදුන්නෙ, ගරු අධිකරණ අමාත්යතුාගේ පෞද්ගලික ලේකම් නීතිඥ ජනක රණතුංග මහතා සහ අධිකරණ අමාත්‍යාංශය නියෝජනය කරමින් නිලධාරීන් කිහිප දෙනෙකුද එක් විය.