වංචා හෙළිකරන මාධ්‍යවේදීන් සී අයි ඩී ගෙන්වූවොත් සජබ නීති සහාය දෙන්න සූදානම්

0
286

සුදු ළුෑණු වංචා සිද්ධිය හෝ වෙනයම් වංචාවක් හෙළිකරන මාධ්‍යවේදියකු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට හෝ වෙනයම් පියවරක් ගැනීමට ආණ්ඩුව කි‍්‍රයාකරයි නම් එම මාධ්‍යවේදීන් වෙනුවෙන් නොමිලේ නීතිඥ සහාය ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරන බව විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

එවැනි බියවැද්දීම් හෝ තර්ජන සිදුකිරීමට ආණ්ඩුව ගන්නා බියගුලූ කි‍්‍රයාමාර්ග තරයේ හෙළා දකින බව පැවසූ විපක්‍ෂ නායකවරයා මාධ්‍ය නිදහස සුරැකීමට ආණ්ඩුවේ සියලූ දෙනා කි‍්‍රයා කළ යුතු බවද කියා සිටියේය.

තොරතුරු දැනගැනීමට ජනතාවට පරම අයිතියක් ඇති බවත්, ඒ සඳහා නොමසුරු කැපකිරීමක් කරන ජනමාධ්‍යවේදීන් පීඩාවට ලක්වීම වැළැක්වීමට තමා සහ තම පක්‍ෂය පෙරට එන බවද සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here