කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා සභාපති කොවිඩ් වැළඳී මිය යයි

0
562

කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ජීව ජයසිංහ මහතා කොරෝනා වැළඳීමෙන් ඊයේ (28) පස්වරැවෙි ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොවිඩ් ආසාදිතව අයි ඩී එච් රෝහලේ මාසයකට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, කෝමා තත්ත්වයෙන් සිටියදී කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත්තේ ඉකුත් සතියේ බව එම රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.

දෙදරු පියෙක් වන මොහු මිය යන විට 55 වන වියේ පසු විය.

කොරෝනා වැළඳී සුවවී නිවසට පැමිණ  නිවසේ සිටියදී නැවත මොහුට අසාධ්‍ය වීමෙන් කොළොඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුවයි ජිවිතක්ෂයට පත්ව තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here