නිදහස් කරන ලද අලි ඇතුන් ගැන අධිකරණයෙන් වාරණයක්

0
322

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිදහස් කරන ලද අලි ඇතුන් 15 දෙනා ලියාපදිංචි කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය අද (29) වනජීවි අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත නියෝග කර තිබෙනවා.

පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසර සංවිධාන කීපයක් ගොනු කරන ලද පෙත්සම් කැඳවනු ලැබූ අවස්ථාවේ එම නියෝගය නිකුත් කෙරුණා.

වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් 15 දෙනෙකු මුදාහරින ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සහ මාතලේ මහෙස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝග බලරහිත කරන ලෙස ඉල්ලමින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

එම පෙත්සම් සම්බන්ධයෙන් මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලමින් අලි ඇතුන් හිමිකරුවන් පිරිසක් විසින් අතර මැඳි පෙත්සම් අධිකරණය හමුවේ ගොනු කර තිබු අතර විනිසුරු මඩුල්ල ඔවුන්ට නියෝග කර ඇත්තේ ඉල්ලීම්වලට අදාළ ලිඛිත දේශන සහ විරෝධතා ඇත්නම් නම් ඒවා ඔක්තෝබර් මස 13 වනදාට පෙර ගොනු කරන ලෙසයි.

අනතුරුව අදාළ පෙත්සම් ඔක්තෝබර් මස 13 වනදා කැඳවීමට අධිකරණය නියම කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here