පාර්ලිමේන්තුවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ

0
402

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා.

ලබන ඔක්තෝබර් මස 4වැනිදා එම අහඹු ඇන්ටිජන් පරීක්ෂණය වටය ක්‍රියාත්මක වීමට නියමිත බව පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇති බව සඳහන්.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ ලබන 4වැනිදා උදෑසන 9.00 සිට දහවල් 12.00 දක්වා එම අහඹු පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරන බවයි.

මන්ත්‍රීවරුන්ට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, ආරක්ෂක අංශවල නිලධාරීන් මෙන්ම පාර්ලිමේන්තු ආවරණය කරන ජනමාධ්‍යවේදීන්ට ද එම ඇන්ටිජන් පරීක්ෂණයට සහභාගි විය හැකියි.

මීට පෙර ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් කටයුතු කරනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here