මුහුදු ගිය දෙදෙනෙක් බෝට්ටුව පෙරළී අතුරුදන්

0
403

මීගමුව, කුට්ටිදූව ප්‍රදේශයෙන් මුහුදු ගිය පුද්ගලයින් දෙදෙනෙක් බෝට්ටුව පෙරළීමෙන් අතුරුදන්ව ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.

එම පුද්ගලයින් දෙදෙනා ඊයේ (28) උදෑසන කුඩා බෝට්ටුවකින් ධීවර රැකියාව සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

ඔවුන් වයස අවුරුදු 61 හා 60ක් වු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

අතුරුදන්වුවන් සොයා නාවික හමුදාව හා මීගමුව පොලීසියේ නිලධාරීන් සෝදිසි මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here