සිසුන් 207 කගේ සා.පෙළ ප්‍රතිඵල අත්හිටුවයි

0
309

අයදුම්කරුවන් දෙසිය හත් දෙනකුගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

අක්‍රමිකතා චෝදනා මත මෙම පියවර ගෙන තිබෙන අතර ඒ අතර නියම අයැදුම්කරු වෙනුවට වෙනත් පුද්ගලයන් විභාගයට පෙනී සිටි අවස්ථා හයක් ද වාර්තා වී ඇති බව සඳහන්.

මීට අමතරව අත්අකුරු වෙනස් වීම්, පිළිතුරු පත්‍ර හුවමාරු වීම්, ජංගම දුරකථන ළඟ තබා ගැනීම් සහ පිළිතුරු සමාන වීම් ද ප්‍රතිඵල අත්හිටුවීමට හේතු වී තිබෙනවා.

අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි 4174ක් දෙපාර්තමේන්තුවට ලැබී තිබූ අතර ඒ පිළිබඳ විමර්ශනය කිරීමෙන් පසු 3967කගේ ප්‍රතිඵල නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

චෝදනා ලබා සිටින අයැදුම්කරුවන් සම්බන්ධයෙන් වෙනම විමර්ශන පවත්වා ඉදිරි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසනවා.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් කැඳවීමේ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here