Sunday, November 17, 2024

ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරයේ අයිතිය ඇබොරිජීන්වරුන්ට

ලොව පැරණිතම ඝර්ම කලාපීය වැසි වනාන්තරය වන ඔස්ට්‍රේලියාවේ ඩේන්ට්‍රි වැසි වනාන්තරයේ අයිතිය එරට ස්වදේශිකයන් වන ඇබොරිජීන්වරුන්ට පවරා දී තිබෙනවා.

වසර මිලියන 180 ක් පමණ පැරණි මෙම වැසි වනාන්තරය 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක්ද වනවා.

මේ අනුව මින් ඉදිරියට එහි කළමණාකාරීත්වය ඔස්ට්‍රේලියානු ස්වදේශික ජනතාව සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත රජය සමග එක්ව සිදුකරනු ඇති.

ඔිස්ට්‍රේලියාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන මහා බාධක කොරල් පරයද ඩේන්ට්‍රී වැසි වනාන්තරයට මායිම්ව පිහිටා තිබීම විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles