ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක් !

0
345

ශ්‍රී ලංකාවේ දේවස්ථානවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට සඳහන් කරමින් සමාජ හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සංසරණය වු පුවත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආරක්ෂක ලේකම්, විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසන්නේ, එම පුවත අදාළ බලධාරින් විසින් විශ්ලේෂණය කිරීමක් හෝ තහවුරු කිරීමක් සිදුකර නොමැති තොරතුරක් බවයි.

එම සිදුවීම සම්බන්ධයෙන් කලබල වීමට හේතුවක් නොමැති බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here