වීමිල තීරණය කරන්න වී මෝල් හිමියන්ට බෑ – මහින්දානන්ද

0
406

වී මිල තීන්දු කරන්නේ මහාපරිමාණ මෝල් හිමියන් විසින් නොව රජය විසින් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

ඊයේ දිනයේදී වී මිල සහ සහල් මිල ගණන් ඩඩ්ලි සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා අද දිනයේදී ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව කීය.

ගොවියට සහතික මිලක් නියම වීම ගැන සතුටු වුවද වී මිල තීරණය කරන්නේ රජය බව සහල් මෝල් හිමියන් මතක තබා ගත යුතු බවද අමාත්‍යවරයා කියාසිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here