කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට සාම විනිසුරු පදවි…

0
585

ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රය පෝෂණය කිරීමට මහත් දායකත්වයක් ලබා දුන් කාලාකරුවන් සහ මාධ්‍යවේදීන් සඳහා සාම විනිසුරු පදවි පිරිනැමීමේ උළෙලක් අධිකරණ අමාත්‍යාංශයේදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සිනමා, ටෙලිනාට්‍ය ක්ෂේත්‍රවල අධ්‍යක්ෂකරුන්, රංගන ශිල්පීන්, කාර්මික ශිල්පීන්, ගායක ගායිකාවන්ගේ හා ජනමාධ්‍යවේදීන්ගේ සේවය ඇගයීම වෙනුවෙන් මෙම පදවි පිරිනැමීම සිදු විය.

මෙහිදී ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ බර්ට්‍රම් නිහාල්, ප්‍රවීණ සිනමාකරු මොහාන් නියාස්, ප්‍රවීණ ගායන ශිල්පී කීරීති පැස්කුවෙල් හා දයාන් විතාරණ යන මහත්ම මහත්මීන් රැසකට මෙහිදී අධිරණ අමාත්‍යාංශය විසින් සාම විනිසුරු පදවි පිරිනැමූහ.

එම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් පද්මසිරි ජයමාන්න ඇතුළු අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here