නෙළුමි කුළුණ වසර අවසානයේ සන්නිවේදන කටයුතු සඳහා සූදානම්

0
365

ශ්‍රී ලාංකිය සන්නිවේදන ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් වෙන නෙළුම් කුළුණ මේ වසර අවසානයේ දි සන්නිවේදන ක්ෂේත්‍රය සදහා විවෘත කිරිමට නියමිත වෙනවා. මෙය ශ්‍රී ලංකාවේ උසම කුළුණ වෙනවා.
මීටර් 350ක් පමණ උසකින් යුතු මෙම කුළුණේ පළමු මහලේ වර්ග අඩි 10,000 ප්‍රමාණයක් පුරා තාක්ෂණික නවෝත්පාදන, 5G යෙදුම් හා යොදා ගැනිම් ආදිය ප්‍රදර්ශනය කිරිම සදහා වෙන් කර තිබෙනවා. එමෙන්ම මෙම කලාපය තුල ශ්‍රී ලාංකිය සන්නිවේදන ක්ෂේත්‍රයේ නියලෙන ආයතනවලට ඔවුන්ගේ හැකියාවන් හා තාක්ෂණය ආදර්ශනය කිරිමේ ඉඩ කඩත් ලැබෙනවා.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ඕෂධ සේනානායක මහතා විසින් මේ පිළිබඳව වැඩි දුරටක් පවසා සිටියේ නෙළුම් කුළුණ E Sport සදහා නිවහනක් වෙන අතර මේ කුළුණ මගින් ඉතා ප්‍රශස්ත මට්ටමේ සන්නිවේදන සේවාවක් ශ්‍රී ලාංකිය ප්‍රජාව වෙත සැපයිමට හැකි වෙනු ඇත.
එමෙන්ම ශ්‍රී ලංකාව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දේශිය හා විදේශීය සමාගම් විසින් ඔවුන්ගේ සේවාවන් හා නිෂ්පාදනය ශ්‍රී ලංකාව තුල දියත් කිරිමේ දි ඒ සදහා සේවා මධ්‍යස්ථානයක් ලෙසත් මෙය යොදා ගැනිමට නියමිත වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here