බලගතු ආණ්ඩුව මෝල් හිමියන් ඉදිරියේ දණ ගැසුවා – ආචාර්ය හර්ෂ ද සිල්වා

0
346

කෘෂිකර්ම ඇමතිවරුන් වෙළඳ ඇමතිවරුන් ඉල්ලා අස්වී ඩඩ්ලි නිපුන සහ නිව් රත්න යන මහා පරිමාණ සහල් මෝල් හිමියන්ට භාරදිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

සහල් රුපියල් 98 ලබාදෙන බවත් සහල් පිටරටින් ගෙන නොඑන බවට රජය මීට පෙර ප්‍රකාශ කර තිබූ බවද ඔහු සඳහන් කළා.

විධායක බලය, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය, සියලු පළාත් පාලන ආයතනවල බලය, විසිවන ව්‍යවස්ථා සංශෝධනය, හදිසි නීතිය හා අත්‍යවශ්‍ය ආහාර කොමසාරිස් යන සියලු බලයන් ඇති ආණ්ඩුව මහා පරිමාණ මෝල් හිමියන් ඉදිරියේ දණ ගැසූ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here