රියදුරු බලපත්‍ර වලංගු කාල සීමාව දීර්ඝ කරයි

0
353

කල් ඉකුත්වන රියදුරු බලපත්‍රවල වලංගු කාල සීමාව දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ අත්සනින් යුතුවයි.

මේ අනුව පසුගිය අප්‍රේල් 01 වනදා සිට අද එනම් සැප්තැම්බර් 30 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිත තිබූ රියදුරු බලපත්‍ර වල වලංගු කාලය අදාළ දිනයේ සිට මාස 12 කින් දීර්ඝ කෙරෙනු ඇති.

මෙම ගැසට් නිවේදනයේ දක්වා ඇත්තේ හෙට එනම් ඔක්තෝබර් 01 වනදා සිට ලබන වසරේ මාර්තු 22 වනදා දක්වා කල් ඉකුත්වීමට නියමිත රියදුරු බලපත්‍ර වල වලංගු කාලය අදාල දිනයේ සිට මාස 06 කින් දීර්ඝ කෙරෙන බවයි.

මේ අතර සහල් සඳහා උපරිම සිල්ලර මිල ඇතුළත් කර නිකුත් කර තිබු අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතාගේ අත්සනින් යුතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here