ඇෆ්ගනිස්ථානයට රටවල් හතරක් බැලුම් හෙළති

0
975

දකුණු ආසියාව ඇෆ්ගනිස්තානය සමග සමීපව කටයුතු කළ යුතුව ඇතැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි. ඔහු මේ බැව් පැවසූවේ ඇමෙරිකාව, ඔස්ටේ‍්‍රලියාව සහ ජපානය යන රටවල් සමග පැවැති ආරක්ෂක සමුළුවේදීය. ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, ඔස්ටේ‍්‍රලියානු අගමැති ස්කොට් මොරිසන් සහ ජපාන අගමැති යොෂිදා සුගා යන නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත් 25 වැනිදා පැවැති මෙම සමුළුවේදී ඇෆ්ගනිස්තානය සම්බන්ධව ඒකාබද්ධ නිවේදනයක් ද නිකුත් කළේය. එහිදී රටවල් හතරේ නායකයින් සඳහන් කළේ ඇෆ්ගනිස්තානය තුළ යළි ත‍්‍රස්තවාදයට ඉඩ නොතැබිය යුතු බවත් ත‍්‍රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් ලෙස පවත්වගෙන යාමට අවස්ථාව නොදිය යුතු බවත් කළාපයේ රටවලට තර්ජනයක් ඇති නොවිය යුතු බවටත් ආර්ථික, ආරක්ෂක කටයුතු සම්බන්ධව සමීපව කටයුතු කළ යුතු බවටත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here