Monday, December 23, 2024

ඇතිවෙන්න මෙහේ තියනවා රටින් හාල් ඇටයක්වත් එපා

මේ රටේ අවශ්‍ය තරම් වී තොග තිබියදී රටින් හාල් ඇටයක්වත් ගෙනඒමේ අවශ්‍යතාවයක් නැතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ඊයේ 29 දා පැවසීය.

ගිය වසරේ මහ බැංකු වාර්තාවට අනුව මාස 17කට රටේ අවශ්‍ය තරම් වී තොග පවතින බවට වාර්තා කර ඇතැයි ද එම වී තොග නිසි අධ්‍යනයක් කර සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ යාන්ත‍්‍රණයක් සකස් කළ යුතු බවද එසේ නොකර තිබෙන ඩොලර් සංචිත ද හාල් ගෙන ඒමට වැය කිරීම නිරපරාදේ ඩොලර් වැය කිරීමක් බව ද ඒ මහතා කීය.

රටේ සහල් අවශ්‍යතාව වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 36ක් බවත් බිත්තර වී වශයෙන් මෙටි‍්‍රක් ටොන් 01ක් ගත්විට වාර්ෂික අවශ්‍යතාව මෙටි‍්‍රක් ටොන් 37ක් බවත් කරුණාරත්න මහතා කීය. 2020 වර්ෂයේදී වී නිෂ්පාදනය වාර්ෂිකව මෙටි‍්‍රක් ටොන් පනස් ලක්‍ෂ තිස්හත්දහසක් (50,37,000* බවත් 2019 වර්ෂයේදී වී මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 10ක අතිරික්තයක් තිබූ බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව 2020 වසරේ වී නිෂ්පාදනය මෙටි‍්‍රක් ටොන් ලක්‍ෂ 60කට වැඩි බවත් 2020 වාර්ෂික අවශ්‍යතාව වන මෙටි‍්‍රක් ටොන් 37 ඉවත් කිරීමෙන් පසු 2021 වසරට වී මෙටි‍්‍රක් ටොන් තවත් 23ක් ඉතිරි වන බවත් ඔහු කීය. මේ වසරේද කන්න දෙකේ වී නිෂ්පාදනය අවසන් වී ඇති නිසා ගිය වසරේ අතිරික්තය සමග මේ වසරේ දැනට ගණන් බලා නැති වී ප‍්‍රමාණය සමග සලකා බැලීමේදී රටේ අවශ්‍යතාවයට අවශ්‍ය වී තොග රටේ පවතින බවද කරුණාරත්න මහතා කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles