මනූෂ CID යට කැඳවයි

0
326

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගෙන් පැය 02ක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීයාම සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය විසින් කරන ලද පැමිණිල්ලකට අදාළව මන්ත්‍රීවරයා මෙලෙස අද කැඳවා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here