ලොහාන් රත්වත්තේ ට එරෙහිව බන්ධනාගාර රැඳවියන් පිරිසක් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

0
323

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා ඇති රැඳවියන් 08 දෙනෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.‍

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ අනූරාධපුර බන්ධනාගාරය තුළට ඇතුළු වී පිස්තෝලයක් රැඳවියකුගේ හිසට තබා තර්ජනය කිරීම හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට චෝදනාකරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරීවරයා, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණ අමාත්‍ය අලි සබ්රි සහ නීතිපතිවරයා ව නම්කර ඇති බවට සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here