Monday, November 25, 2024

මංගල උත්සව සඳහා යළිත් අවසර

සීමාවන් සහිතව අද දිනයේ රට විවෘත කළ පසුව යළිත් වරක් මංගල උත්සව පැවැත්වීමට අවසර ලබාදීම කෙරෙහි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ ඔක්තෝම්බර් 16 වැනිදා සිට පුද්ගලයින් 50ක උපරිමයකට යටත්ව මංගල උත්සව පැවැත්විය හැකි බවයි.

කෙසේ වෙතත් මංගල උත්සව පැවැත්වීමේදී මත්පැන් භාවිතයට අවසර හිමි‍නොවනු ඇති.

එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ එළිමහන් මංගල උත්සව පැවැත්වීමට තම අමාත්‍යාංශයෙන් දිරිමත් කරන බවයි.

ඒ අනුව අද දිනයේ සිට එළැඹෙන ඔක්තෝම්බර් 15 වන දින දක්වා තවදුරටත් විවාහ ලියාපදිංචි කිරීමට පමණක් අවසර හිමිවන අතර එයද පුද්ගලයින් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පමණක් සිදුකළ හැකියි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles