මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අත්හිටුවා තිබූ සේවා අද සිට නැවතත්

0
305

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර සහ නාරාහේන්පිට කාර්යාලවල අත්හිටුවන ලද සේවා අද සිට යළි ආරම්භ කෙරෙනවා.

කෙසේවෙතත් අත්‍යවශ්‍යය සේවා ඉටු කර ගැනීමට 011 යි 2 යි 677 යි 877 දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා සදහන් කළේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් කාර්යාල කටයුතු අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්ගේ මගපෙන්වීම මත සිදුකරන බව සදහන්.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් පිළිබද විමසීම සඳහා පෙරවරු 09 සිට පස්වරු 04 දක්වා කාලයේදී වාහන ලියාපදිංචියට අදාළව 0707677877 අංකයටත් , රියදුරු බලපත්‍ර සදහා 0707677977 යන දුරකථන අංකයටත් අමතන ලෙසයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here