Friday, September 20, 2024

රට ඇරියත් මූලික සෞඛ්‍ය නීති පහ දිගටම පිළිපැදිය යුතුයි – ආචාර්ය චන්දිම ජීවන්දර

නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරමින් රට අද (1) විවෘත කෙරුණද ජනතාව මූලික සෞඛ්‍ය නීති පහ ආරක්ෂා කරමින් දිගටම කටයුතු කිරීම වැදගත් බව කොවිඩ් නව වයිරස ප්‍රභේද සම්බන්ධයෙන් ජාන විශ්ලේෂණ පරීක්ෂණවල නියැළී සිටින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජීවන්දර මහතා දිනමිණට පැවසීය.

ජනතාව බුද්ධිමත්ව කටයුතු කළහොත් පමණක් කොවිඩ් මර්දනය කළ හැකි වන බව පෙන්වා දුන් ඒ මහතා එසේ කටයුතු නොකළහොත් අවදානම් තත්ත්වයන් ඉදිරියේදී යළිත් ඇති විය හැකි බවද අවධාරණය කළේය.

මේ වනවිට කොරෝනා වසංගතයේ දරුණුම අවධිය අවසන් වී ඇති බව පැවසූ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා රට විවෘත කළ පසු එන්නත්කරණයට ඉතා කැපවීමෙන් යොමුවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. සියලු එන්නත්වලින් කෙරෙන්නේ කොවිඩ් රෝගයට එරෙහි ප්‍රතිශක්තිකරණය ඇති වීම බව පෙන්වා දුන් ඒ මහතා එන්නත් වර්ග තෝර තෝරා නොසිට ළඟම ඇති එන්නත ගැනීමට කටයුතු කරන්නැයිද ජනතාවගෙන් ඉල්ලීමක් කළේය. මුව ආවරණ පැලඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම, දැත් නිතර සේදීම සහ සංචරණ සීමා කිරීම ජනතාව අනුගමනය කළ යුතු එම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද බවත් එම ක්‍රමවේද අනුගමනය කිරීමෙන් කොරෝනා පැතිරීම පාලනය කර ගත හැකි බවද හෙතෙම සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles