ජපානයට නව අගමැතිවරයෙක්

0
297

ජපාන පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා වූ තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී ඇති අතර ඒ අනුව එරට මීළඟ අගමැතිවරයා වීමේ අවස්ථාව ඔහුට හිමිව තිබේ.

ඒ අනුව යෝශිහිඩේ සුගා ගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වන ජපාන අගමැති ධූරය ට කිශිඩා පත්වෙනු ඇති බව විදෙස් මාධ්‍ය පැවසීය.

පක්ෂ නායකයා ලෙස කිශිඩා ට භාරවන පළමු අභියෝගය වන්නේ එළඹෙන මහ මැතිවරණයේදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමය.

ජනතා විරෝධය නොතකා ඔලිම්පික් තරඟාවලිය ජපානයේ පැවැත්වීමට තීරණය කිරීම හේතුවෙන් එම පක්ෂයට දැඩි ජනතා අප්‍රසාදයක් මතුවිණි.

කිශිඩා ජපානයේ විදෙස් අමාත්‍යවරයා ලෙස කලක් කටයුතු කළ අතර ජනප්‍රිය අපේක්ෂකයා ලෙස සැලකුණු ටාරෝ කොනෝ ව ඔහු වෙතින් පරාජයට පත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here