Friday, September 20, 2024

සුදු සීනි ආනයනයට යළි අවසර

සුදු සීනි ආනයනය සඳහා ඊයේ (30) සිට යළි අවසර ලබා දීමට ආනයන අපනයන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කෙරෙන බවයි.

ආනයන – අපනයන පාලක ජනරාල් දමයන්ති කරුණාරත්න මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා ණයවර ලිපි විවෘත කිරීමටද පහසුකම් සලසා ඇති බවය.

මේ අතර අද (01) සිට දින 10 ක් ඇතුළත කොළඹ වරාය භාරයේ දැනට පවතින සීනි කන්ටේනර් 81 ක් වරායෙන් නිදහස් කර ගත යුතු බවට ආනයනකරුවන්ට දැනුම් දී ඇති බව ලංකා සතොස සභාපති විශ්‍රාමික රියර් අද්මිරාල් ආනන්ද පීරිස් මහතා පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles