Friday, September 20, 2024

දේශපාලනයෙන් වුණත් විශ්‍රාම යන්න පුලුවන් – මර්කල්ගේ නෝනාගේ පණිවිඩය

“සැබැ නායකයා ආදර්මත් විය යුතුය. යුක්තියගරුක විය යුතුය. ප්‍රතිපත්තිගරුක විය යුතුය”. එසේම ඉතා පුළුල් දැක්මකින් යුක්ත විය යුතුය.”

අත් පොළසන් මැද චාන්සලර්ධූරයට සමුදුන් ජනතාවගේ වීරවරිය – ඇන්ජෙලා මර්කෙල්

ඇන්ජලා මර්කල් ( Angela Markel ) වූ කලී 1954 ජූලි මස 17 වැනි දින එවකට බටහිර ජර්මනියේ උපත ලද වත්මන් ජර්මනියේ චාන්සලර් ( Chancellor ) ධූරය හොබවන්නීය. බර්ලිනයේ Leipzig
විශ්ව විද්‍යාලයෙන් ( 1973 – 1978 ) තම උසස් අධ්‍යාපන හැදෑරූ ඇය වෘත්තියෙන් රසායන විද්‍යාඥවරියකි, 2005 දී ජර්මනියේ පළමු චාර්සලර්වරිය වශයෙන් තේරී පත්වන ඇය එතැන් සිට පසුගියදා ධූරයෙන් සමුගන්නා තෙක්ම දක්වාම මුළුමහත් ජර්මනියටම අද්විතීය දේශපාලනමය නායකත්වයක් ලබා දුනි.

ජර්මනිය වූ කලී යුරෝපයේද එපමණක්ද නොව මුළුමහත් ලෝකයේම ප්‍රමුඛ රාජ්‍යයකි. ඉතා පෞරාණික ඉතිහාසයකට , සංස්කෘතියකට හා විශිෂ්ට සකල කලාවකට උරුමකම් කියන ජර්මානුවන් උපතින්ම මහත් ආඩම්බරකාරයෝ වෙති. ඊට ඔවුනට බොහෝ කරුණු කාරණා ඇත. ඒ අතුරින් ඔවුන්ගේ පෞඩ ඉතිහාසය හා සංස්කෘතිය හා විශිෂ්ට කලාව , ඔවුන්ගේ අද්විතීය තාක්ෂණය ඊටත් වඩා තමුන්ගේ රට මුළුමහත් ලෝකය සමග දෙවරක්ම සටන් කළා යන මනෝභාවය ද ප්‍රධාන ය.

2005 වර්ෂයේ දී ජර්මානු පෞඩ ඉතිහාසයේ නව පරිච්ඡේදයක් ආරම්භ කරමින් පළමු චාන්සලර්වරිය වශයෙන් තේරී පත් වූ මර්කල් එදා මෙදාතුර තම
දේශයට නියම දේශපාලන නායකත්වයක් ලබා දෙමින් වත්මන් ලෝකයේ ජර්මනියට හිමි නිසි ස්ථානය ලබා දීමට සමත්වී ඇත.,මෙහි සුවිශේෂී කාරණාව වන්නේ 2007 – 2009 යන කාලවකවානුව තුළ ලොව පැවති ආර්ථික අර්බුදය හමුවේ යුරෝපයේ ඇමෙරිකාව ප්‍රමුඛ බොහෝ රටවල් ආර්ථික වශයෙන් දැවැන්ත ආකාරයෙන් පීඩා විදින කල්හි ජර්මන් ඉතා හොද ආර්ථික තත්වයකින් පවත්වාගෙන යෑමට ඇය දුන් නායකත්වය යි . එය අද්විතීය යි. එසේම එය ජර්මානු ඉතිහාසය රන් අකුරින් ලියැවෙන්නේ ය.

1.ඇගේ නම

ඇන්ජෙලාගේ පවුල පෝලන්ත ජාතික සම්භවයක් සහිත පවුලක්. බටහිර ජර්මනියේ හැම්බර්ග්හි උපත ලැබූ ඇයට ලබාදී තිබූ නම වන්නේ ඇන්ජෙලා ඩොරෙතියා කාසනර්. ඇගේ පියා පාස්ටර්වරයෙකු වුණු අතර මව ඉංග්‍රීසි සහ ලතින් භාෂා ගුරුවරියක්. වයස අවුරුදු 23 දී ඇන්ජෙලා විසින් උල්රික් මර්කෙල් නම් තරුණයෙකු විවාහ කරගත් අතර ඇය එතැන් පටන් තම නම ඇන්ජෙලා මර්කෙල් ලෙස වෙනස් කර ගනු ලැබුවා. කෙසේ නමුත් මෙම විවාහය දික්කසාදයකින් කෙළවර වූ අතර යළිත් වරක් ඇන්ජෙලා තවත් විවාහයක් කර ගත්තත් තම නම වෙනස් කිරීමට උත්සාහ කළේ නැහැ.

2. ඇගේ ළමා කාලය

මේ කාලය නැගෙනහිර ජර්මනියේ සිට වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ළඟා කර ගැනීම සඳහා බටහිර ජර්මනිය වෙත ජර්මානුවන් දස දහස් ගණනින් පලා එන කාලයක්. නමුත් කාසනර් පවුල ඒ වෙනුවට ඇන්ජලාගේ උපතින් මාස කීපයකට පසුව නැගෙනහිර ජර්මනියේ පදිංචියට ගියා. ඊට හේතුව වූයේ පාස්ටර්වරයෙකු වූ ඇගේ පියාට නැගෙනහිර ජර්මනියේ පල්ලියක සේවය කිරීමට සිදුවීමයි.

3.සමාජවාදී ඇන්ජෙලා

නැගෙනහිර ජර්මනිය තුළ ගත කරන කාලයේදී ඇය එරට තුළ පැවති සමාජවාදී තරුණ ව්‍යාපාරයේ සාමාජිකාවක් බවට පත්වන්නට සිදු වුණා. එම ව්‍යාපාරය තුළ ඇය සක්‍රීය සාමාජිකාවක් නොවුණත් එරට පැවැති තත්ත්වය අනුව එහි සාමාජිකත්වය ලබා ගැනීම අනිවාර්යය කරුණක් වුණා. එසේම ඇය සමාජවාදයේ මූලික සංකල්ප හැදෑරීම සඳහා පාඨමාලා කීපයක් සඳහාත් ඇතුළත් වුණා.

4. උසස් අධ්‍යාපනය

ලීප්සිග්හි කාල් මාක්ස් සරසවියෙන් භෞතික විද්‍යාව හැදෑරූ ඇය ඊට අමතරව ගණිතය විෂයයට සහ රුසියානු භාෂාවට වැඩි සමත්කමක් දක්වනු ලැබුවා. ඒ කාලයේ දී ඇය සහකාර කථිකාචාර්ය ධූරයක් සඳහා ඉල්ලුම් කළත් එම තනතුරු සඳහා ඇයව තෝරාගතහොත් ඇයගේ රැකියා ස්ථානයේ නිලධාරීන් පිළිබඳව රහසිගත වාර්තා බලධාරීන් වෙත ඉදිරිපත් කළ යුතු බවට නියමයක් ඇය වෙත පැනවුණා. නමුත් තමන්ට රහස් රැකීමට අපහසු බව පවසමින් ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කළා. කෙසේ නමුත් අවසානයේදී ඇය සිය ආචාර්ය උපාධිය සම්පූර්ණ කරගත් අතර පර්යේෂිකාවක ලෙස පත්‍රිකා කීපයක් පළ කරනු ලැබුවා.

5.දේශපාලනයේ ආරම්භය

බර්ලින් තාප්පයේ බිඳ වැටීමත් සමඟ ඇතිවුණු නව බලාපොරොත්තු නිසා වෙනස් දේශපාලනයක් කිරීමට ඇය පෙළඹුණු බව කියවෙනවා. එහිදී ඇය ප්‍රජාතන්ත්‍රවාදී පුබුදුව නම් පක්ෂයේ සාමාජිකාවක් බවට පත්වූ අතර එහි සහකාර මාධ්‍ය ලේකම්වරිය බවට ඇය පත්වුණා. 1991 වසරේදී ඇය කාන්තා හා තරුණ අමාත්‍යවරිය බවට පත්වූ අතර 1994 දී පරිසර අමාත්‍යවරිය බවට පත්වුණා. 1998 වනවිට ඇය සාමාජිකත්වය ලබාගෙන සිටි ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ එක්සත් ජර්මනියේ මහලේකම් ධූරය සහ සභාපතිධූරය ලබා ගැනීමට සමත් වුණා. අනතුරුව ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායිකාව බවට පත් වන්නට ඇය සමත් වුණා.

6.චාන්සලර්වරිය

2005 වසරේදී හිටපු චාන්සලර් ජෙර්හාඩ් ෂූරූඩර් පරාජයට පත් කරමින් එරට පළමු චාන්සලර්වරිය බවට පත්වීමට ඇන්ජෙලා මර්කෙල් සමත් වුණා. එතැන් පටන් 2021 දක්වා එක දිගට මැතිවරණ ජයග්‍රහණය කරමින් චාන්සලර් ධුරයේ රැඳී සිටින්න ඇයට හැකි වුණා. ඇයගේ පාලන කාලය තුළ නැවත වතාවක් යුරෝපයේ ආර්ථික වශයෙන් ප්‍රබල ස්ථානයකට ජර්මනිය පත්වුණා. ඇතැම් අවස්ථාවල ආන්දෝලනාත්මක තීරණ පවා ගැනීමට ඇය දෙවරක් සිතුවේ නැහැ. විශේෂයෙන්ම සිරියානු සරණාගත අර්බුදයේදී එම පිරිස් වලට තම රටේ රැකවරණය ලබාදීමට ඇය තීරණය කළේ දේශීයව සහ ජාත්‍යන්තරව එල්ල වූ පීඩනයන් පවා නොතකමින්.

7.ධූරය අත් හැරීම

2018 වසරේදී තම පක්ෂයේ නායකත්වය සඳහා යළි තරඟ කිරීමෙන් වැළකීමට තමන් තීරණය කළ බවත් 2021 දක්වා චාන්සලර් ධුරය පමණක් හෙබවීමට තමන් තීරණය කළ බවත් ඇය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඇය විසින් මේ දක්වා තම අනුප්‍රාප්තිකයා ලෙස වෙනත් තැනැත්තෙකු නම් කර නොමැති අතර බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ ඇන්ග්‍රෙට් ක්‍රැම්ප් නම් ආරක්ෂාව භාර අමාත්‍යවරිය මර්කල්ගෙන් පසුව රටේ අනාගතය බාර ගනු ඇති බවයි.

වසර 16 ක් ජර්මනියේ චාන්සලර්වරිය ලෙස කටයුතු කළ ඇන්ජෙලා මර්කල් පසුගියදා දේශපාලනයෙන් සමු ගත්තාය. දශක එකහමාරකට වැඩි කාලයකට පසුව දැන් මර්කල් නොමැති ජර්මනියක් ගැන කතා කිරීමට සිදුව තිබේ.

කෙසේ නමුත් ජර්මානුවන්ට නම් සිය ජීවිතය තිබෙන තුරු මර්කල්ගේ පාලන කාලය අමතක නොවනු ඇත. මෑත ඉතිහාසය තුළ දශකයකට වැඩි කාලයක් රටේ පාලකයා ලෙස කටයුතු කර ජනතා ප්‍රසාදය මැද ගෙදර යන එකම දේශපාලනඥයා මර්කල් බවට කිසිදු සැකයක් නොමැත.

ඇය ගෙදර යන්නේ ජර්මනියේ පමණක් නොව සමස්ත යුරෝපයේම ජනතාවගේ ආදරය දිනා ගනිමිනි. බ්‍රෙක්සිට් හරහා මහා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වෙද්දී යුරෝපා සංගමයේ අභාවයද ස්ථිරවම සිදුවීමට තිබිණි. කෙසේ නමුත් බ්‍රිතාන්‍යය ඉවත්ව ගියද යුරෝපා සංගමය තවදුරටත් ආරක්ෂා වී තිබෙන්නේ මර්කල්ට පින්සිදු වන්නටය.

Forbes සඟරාව මගින් කිහිප වතාවක්ම ලොව බලවත්ම රාජ්‍ය නායිකාව වශයෙන් නමි කළ ඇය Lady of the World යනුවෙන් හඳුන්වන්නේ ඇය සතු මෙම ශක්තිය නිසාය.

බොහෝ පාලකයන්ගේ පාලන කාලය දීර්ඝ වන තරමට ඔවුන්ගේ බලලෝභීත්වය ඉහළ යයි, දූෂණ-වංචා, ගසාකෑම්, ඥාති-හිතමිතුරු සංග්‍රහ පිළිබඳ වාර්තා ඉහළ යයි, බැංකු ගිණුම් ඉහල යයි.

කෙසේ නමුත් වසර 16 කට පසුව ජර්මන් චාන්සලර්වරිය ගෙදර යන්නේ, කිසිදු අපරාධ හෝ දූෂණ වංචා චෝදනාවක් නොමැතිවයි. ඒ වෙනුවට ඇය ගෙදර යන්නේ ජර්මන් ජනතාවගේ ආදරය දිනා ගනිමිනි. මර්කල් දේශපාලනයෙන් සමුගැනීම ප්‍රකාශයට පත් කරද්දී දරකගන්නට ලැබුණු විශේෂතම සිදුවීම වන්නේ ජර්මන් ජනතාව සිය නිවෙස් ඉදිරිපිටට,සදළුතලවලට පැමිණ නොකඩවා විනාඩි 06 අත්පොළසන් දුන් බව වාර්තා වේ. වසර 18 ක් තිස්සේ රජකම් කළ මර්කල් ගෙදර යන්නේ ජනතා අත්පොළසන් මැදයි.

වරක් මර්කල් ප්‍රකාශ කර තිබුණේ “මේ අවුරුදු 16 ඇතුළත මට විරුද්ධව කිසිම වාර්තාවක් නෑ. මම නෑදෑයො යාලු මිත්‍රයො ගෙනල්ලා දාගත්තෙ නෑ, ජර්මනිය බබලන්නෙ මම නිසා කියලා මම කිව්වෙ නෑ. චෝදනා කළේ නෑ. වගේම මට කවුරුවත් විශේෂ ප්‍රශංසා කළෙත් නෑ. එහෙම උනාට මම වැඩ කරන එක නැවැත්තුවෙත් නෑ” යනුවෙනි.

ගෙදර යන මර්කල්ට මිලියන – බිලියන ගණන් සහිත බැංකු ගිණුම් නොමැත. මිලියන ගණන් වටිනා මහා මන්දිර නොමැත. සුඛෝපභෝගි වාහන නොමැත. අතට පයට සේවකයන් නොමැත. කෙසේ නමුත් නිළ හා නොනිළ ලෙස ඒ සියල්ල හිමිකර ගනිමින් ගෙදර යන බොහෝ රාජ්‍ය නායකයන්ට වඩා, සිය මහල් නිවාසයේ නිදි යහන මත සුවසේ නිදා ගැනීමට අද ඇයට හැකිවනු ඇති බව ස්ථිරය.

මර්කල් චාන්සලර් පදවිය දරන සමයේදීද ඇය ජීවත් වූයේ සිය මහල් නිවාසයේ තම සැමියාද සමගය. එදාද ඇයගේ නිවසේ සේවක සේවිකාවන් සිටියේ නැත. ආහාර පිසීම,රෙදි සේදීම පවා සිදුකළේ ඇය විසිනි.

වරක් මාධ්‍යවේදියෙකු ඇගෙන් විමසා සිටියේ රටේ නායිකාව වීත් එකම වර්ගයේ සරල චාම් ඇඳුම් අඳින්නේ ඇයිද කියාය. මර්කල් සිනාමුසු මුහුණින් ප්‍රකාශ කළේ රාජ්‍ය සේවකයෙකු ලෙස තමාට ලැබෙන වැටුප අරපිරිමැස්මෙන් පාවිච්චි කරන බැවින් මීට වඩා වටිනා ඇඳුම් මිලදී ගැනීමට තමාට වත්කමක් නොමැති බවයි. රජයේ සේවකයෙක් මිස නිරූපිකාවක් නොවන නිසා මෙවැනි ඇඳුම් තමන්ට ප්‍රමාණවත් බවද ඇය පවසා තිබිණි.

වසර 16 ක් සැබෑ ජනතා සේවකයෙකු ලෙස කටයුතු කරමින් ජර්මනිය යුරෝපයේ විශාලතම ආර්ථිකය හිමි රට බවට පත් කරමින් ඇය සමුගන්නේ ‘දේශපාලනයෙන් වුවද විශ්‍රාම යා හැකිය’ යන පාඩම ලොව සියලු බලලෝභී දේශපාලනඥයන්ට උගන්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles