රාජ්‍ය මාධ්‍ය සියලු බඳවා ගැනීම්, සේවා දිගු නවතයි

0
300

අනුමත තනතුරු සඳහා බඳවා ගැනීම් පුරප්පාඩු පිරවීම් වහාම නතර කරන්නැයි ජන මාධ්‍ය ලේකම් ජගත් පී විජේවීර මහතා දන්වා ඇත.

ඒ අනුව 2021.09.01 සිට නැවත දැනුම් දෙන තුරු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව, රජයේ ප්‍රවෘර්ති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, ශ්‍රී ලංකා රුපවාහිනී සංස්ථාව, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, සී/ස එක්සත් ප්‍රවෘර්ති සමාගම , ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය, සැලසිනේ රුපවාහිනී ආයතනය, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව යන ආයතන වලට ලිඛිතව මෙලෙස දන්වා ඇත.

එහිදී ආයතනයේ අනුමත තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනමින් පත් කිරීමට හෝ මේ වන විට පත් කර ඇති නිලධාරීන් ගේ කොන්ත්‍රාත් සේවා කාලය තව දුරටත් දීර්ඝ කිරීමට හෝ කටයුතු නොකළ යුතු බවද මෙම ලිපියෙන් දන්වා ඇත.

යම්හෙයකින් කොන්ත්‍රාත් පදනමින් සේවයේ නියතු නිලධාරියකුගේ සේවා කාලය අවසන් වීමෙන් පසු තව දුරටත් සේවය ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් එයට බලපාන සුවිශේෂී හේතු ප්‍රාමාණිකව අගය කළ හැකි නිර්ණායක සමඟ නිශ්චිතව පැහැදිලි කරමින් රේඛීය අමාත්‍යංශ ලේකම් ලෙස මාගේ පූර්ව අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බව වැඩි දුරටත් ජන මාධ්‍ය ලේකම් ජගත් පී විජේවීර මහතා දන්වා ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here