Wednesday, November 20, 2024

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කොමිසමේ සහය ඉල්ලයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් සකසා ඇති මාධ්‍ය උපමාන කඩකරන ජනමාධ්‍ය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ බලය එම කොමිෂන් සභාවටම ලබාදෙන ලෙස එහි සභාපති නිමල් පුංචිහේවා මහතා මැතිවරණ නීති රීති ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී යෝජනා කර තිබෙනවා.

ඒ දෙවන දිනටත් කාරක සභාව හමුවේ ප්‍රකාශ ලබාදෙමින්.

ඔහු කියාසිටියේ එම මාධ්‍ය උපමාන පාර්ලිමේන්තුවට යොමු කර අනුමත කර ගැනීම අත්‍යාවශ්‍ය බවයි.

මැතිවරණ සමයේ ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළිවලක් පැවතිය යුතු බවද නිමල් පුංචිහේවා මහතා අවධාරණය කලා.

සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේ විවිධ හේතු මත දිගින් දිගටම ප්‍රමාද වන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා සහය දක්වන ලෙසයි.

ආබාධිත අයට ඡන්දය භාවිත කිරීම සඳහා ජංගම ජන්ද භාවිත කිරීමේ ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද කොමිෂන් සභාව මෙහිදී යෝජනා කළා.

මැතිවරණ කොමිෂන් සභාවේ මතය වන්නේ දෑස් නොපෙනෙන පුද්ගලයින්ට බ්‍රේල් ක්‍රමය ඔස්සේ ඡන්දය භාවිත කිරීමට අවස්ථාව ලබා දීමට හැකි වන පරිදි නව සංශෝධන සිදුකළ යුතු බවයි.

විද්‍යුත් ජන්ද ගණනය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බව කොමිෂන් සභාවේ මතය වු අතර, ඡන්ද පොළ තුලදීම ඡන්දය ගණන් කිරීම වඩාත් ප්‍රායෝගික බවයි කාරක සභාවේ සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles