යොහානිගේ ජයග්‍රහණය

0
411

මයිකල් ජැක්සන්ගේ, බොබ්මාලේ ගේ සිංදුවකට
පාදය තාලයකට අල්ලන්නට
භාෂාව හා වචනවල තේරුම දැනගන්නටම
අවැසි නැත.
නමුත්,
ඒ සිංදු අහන වැඩිදෙනෙක්
යන්තම් පද කිහිපයකවත්
තේරුම ඉංගිරිසි භාෂාව නිසා දැනගනි.

” ගන්ගම් ස්ටයිල් “වයිරල් වනවිට
එහි තේරම කවුරුත් දැන සිටියේ නැත.
ඒ තාලය වරක ලොවම වසඟ කලේය.
සංගීතය විෂ්ව භාෂාවක් වන්නේ එබැවිනි.

යොහානි ගේ ගීතයට
ඉන්දියාවත් ඇමරිකාවත් ඉතාලියත්
තාලය අල්ලන්නේ තේරුම
හරි හැටි දැනගෙන නොවේ.
නමුත්,
සිංහල නමින් භාෂාවක් ඇති බවත්
එහි අමුතු රහක් ඇති ගීත ඇති බවත්
දැන් ලොවම දනී !

විජය රජ්ජුරුවන්ගේ කාලයේ පටන්ම
කුවේණිලාත් අපිත් එක දිගටම
ඉන්දියාවේ තාලයට නැටුවෙමු.
දැන් ඉන්දියාව
අපේ තාලයට නටයි !!

දැන් යොහානි සින්ඩ්‍රෝමයක් වී අවසන්ය.
ඇයගේ ලපටි බුහුටි හඩින්
ඇය මුළු ලොවම මුසුපත් කලාය.
මේ අත් පොලසන් ඒ ශ්‍රී ලාංකික කෙල්ලටය !!

උපුටා ගැනීමකි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here