ශ්‍රී ලංකාව නොබෙදුණු ඒකීය රටක් වශයෙන් පවතිනු දැකීම චීන රජයේ අරමුණ බවට චීන තානාපති යී සියෑන ලින්ග් මහතා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට පවසා ඇත.
චීන තානාපතිවරයා ප්‍රධාන අමාත්‍යවරයාට මේ බව පවසා ඇත්තේ, ඊයේ (14දා) යාපනයේ සංචාරය කරමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පැවැති හමුවකදීය.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යට අදහස් දැක්වූ උතුරු ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ශ්‍රී ලංකාව තුළ පිළිනොගන්නේ නම් ඉදිරියට ගැටලු ඇතිවීමට හැකියාවක් ඇති බව තමන් චීන තානාපතිවරයාට දැනුම් දුන් බවයි.ෙ
මෙහෙ ඉන්නවා කියල අපිව පිළිගන්නැතුව හිටියොත් ඉදිරියේදී ප්‍රශ්න ඇති වෙනවා කියල මම චීන තානාපතිවරයට තේරුම් කරල දුන්නා.* යැයි පැවසීය.
මෙහිදී මාධ්‍යට අදහස් දැක්වූ චීන තානාපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන ව්‍යවස්ථා සංශෝධනය වෙනුවෙන් චීන රජය පූර්ණ සහයෝගය ලබාදෙන බවත් ව්‍යවස්ථා සංශෝධනය සියලු දෙනා විසින්ම රටේ දේශපාලනය සහ ආර්ථිකය යන න්‍යාය පත්රයන්ට අනුව ඉතාම බුද්ධිමත්ව සිදුකළ යුතු බවත්ය.
ada