බස්රථ සේවකයින් බහුතරයක් රැකියාව අතහැරලා

0
311

සේවක හිඟය හේතුවෙන් පෞද්ගලික බස්රථ ධාවනය ගැටලුවක් වී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඊයේ (01) දිනයේ සිට පෞද්ගලික බස්රථ ධාවනය සඳහා අවසර ලබාදී තිබුණද ප්‍රමාණවත් තරම් බස්රථ ධාවනයක් සිදුව නොමැති බවය.

බස්රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනත් රැකියාවන් සඳහා යොමුවීම එම තත්ත්වයට හේතුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here