සරත් වීරසේකරගෙ නරි හඬවල්වලට අපි යටත් වෙන්නේ නැහැ – උලපනේ සුමංගල හිමි

0
317

තර්ජනය කරන ගුරුවරුන් සම්බන්ධයෙන් තමන් මෘදු ප්‍රතිපත්තියක් අනුගමනය නොකරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පෙරේදා (30) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ ය.

මෙම ප්‍රකාශයට ගුරු සංගම් මෙන්ම සිවිල් හා දේශපාලන ක්‍රියාකාරීන්ද ඊයේ (01) ප්‍රතිචාර දැක්වී ය.

අධ්‍යාපන වෘත්තීකයින්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමි ප්‍රශ්න කරන්නේ, මේ සිදු යෝජනා කරන්නේ, රට මිලිටරිකරණයකට ගෙන යාම නෙවේද යන්නයි.

”මේ යෝජනා කරන්නේ මිලිටරිකරණයකට රට ගෙන යාම නෙවෙයිද අනියමින්. අපි අහනවා මේ රටේ නීති මදි ද මේ රට පාලනය කරගෙන යන්න. සුදුළූණු වංචාවට, සීනි වංචාවට කෝ මෘදු වැඩී කියන නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා? අපි කිසිම අවස්ථාවක සරත් වීරසේකර උන්නැහෙගේ නරි හඬවල්වලට, නාටකවලට අපි යටත් නොවන බව පැහැදිලිව අපි මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here