ඉදිරියේදී ඇතිවන භයානක තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක්

0
317

විදේශ රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින් පිසිආර් පරීක්ෂණවලට ලක්නොකිරීමෙන් රට තුළ නැවත් කොවිඩ් රැල්ලක් මතු විය හැකි බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම මාර්ගඋපදේශවලට අනුව මෙරටට පැමිණෙන සංචාරකයින් විදේශ රටකින් එන්නත් ලබාගෙන හෝ පිසිආර් පරීක්ෂණවලට ලක්ව ඇත්නම් ඔවුන් කිසිදු කොවිඩ් පරීක්ෂාවකට ලක් නොකර ඔවුන් කටුනායක ගුවන්තොටුපලෙන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම භයානක තත්ත්වයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ අතිනවීන රසායනාගාරයක් ස්ථාපිත් කර තිබියදී සංචාරකයින් සඳහා පීසීආර් පරීක්ෂණ නොකිරීම කිනම් හෝ හස්තයක බලපෑමක් දැයි සැකකරන බව විශේෂඥ වෛද්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here