විරෝධතා පාගමනක නිරත වූ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
අධිකරණයේ අණ නොතකා ඔවුන් මෙලෙස විරෝධතා පාගමනක නිරත වූයේ රිමාන්ඩ් කර සිටින කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කිහිපදෙනෙකු නිදහස් කරන්නැයි ඉල්ලමිනි.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබූ අතර එය අද (15) මරදාන තාක්ෂණ විද්‍යාල හන්දියෙන් ආරම්භ වූ අතර සිසුන් දහසක පමණ පිරිසක් එයට සහභාගී වී ඇති බව සඳහන්ය.
ඔවුන් පාගමනින් කොළඹ කොටුව දක්වා පැමිණ අනතුරුව ජනපති ලේකම් කාර්යාලයට යාමට නියමිතව තිබූ අතර එම ගමන වැළැක්වීම සඳහා මෙම කදුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇත.
ජනපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවීම වළක්වාලමින් පොලීසිය විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන්ට තහනම් නියෝගයක් නිකුත් කර තිබියදීත් මොවුන් ඊට ඇතුළුවීමට උත්සහ දැරූ බව වාර්තා වෙයි.