Tuesday, September 24, 2024

බස් රථවල මගීන්ව හිටගෙන අරන් ගියොත් අත්අඩංගුවට – බලපත්‍රත් තහනමි

එළැඹෙන සදුදා දිනයේ සිට මගී ධාරිතාව ඉක්මවා සිටගෙන මගීන් ප්‍රවාහන කරන බස් රථවල බලපත්‍ර තහනම් කිරීමටත් එම බස් රථ අත්ඩංගුවට ගැනීමටත් ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම බස් රථ නැවත දැනුම් දෙන තුරු පොලිස් අත්අඩංගුවේ තබා ගැනීමට අවශ්‍යය උපදෙස් පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දීමට පියවර ගෙන ඇති බවයි මහනුවරදී මාධ්‍යයට අදහස් දක්වමින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේ.

මේ අතර බස් රථ සේවකයින් බොහෝ පිරිසක් සිය රැකියාවලින් ඉවත්ව වෙනත් රැකියාවලට යොමු වී තිබීම හේතුවෙන් ඊයේ ධාවනය කරවීමට සැලසුම් කළ බස් රථ හයදහසක ප්‍රමාණයෙන් බස් රථ 900 පමණ සුලු ප්‍රමාණයක් පමණක් ධාවනය කර ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.

රට විවෘත කළද අත්‍යවශ්‍ය සේවා සදහා ලබා දුන් ලංගම බස් රථ අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කරන තෙක් නොකඩවා ලබා දෙන බවද දිලුම් අමුණුගම මහතා මෙහිදී සදහන් කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles