ශ්‍රී ලංකා රජය පසුගිය මාස 20 තුල රුපියල් කෝටි 125,747 ක් (රු. 1,257,470,000,000) අච්චු ගහලා – රජිත් කීර්ති තෙන්නකෝන්

0
281

ශ්‍රී ලංකා රජය පසුගිය මාස 20 තුල රු. කෝටි 125,747 ක් (රු. 1,257,470,000,000) අච්චු ගසා ඇති බව දකුණු හා මධ්‍යම පළාත් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා අනාවරණය කර සිටියි.

ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගැසීම ලංකා ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය අර්බුදයට ලංකාව දක්කා ගෙන ගොස් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි පිළිගත් ආයතන වෙතින් උපකාර ලබා නොගෙන රාජ්‍ය දේපල විකුණා දැමීම, ගජ මිතුරන්ට ධන උල්පත් පාදා දී භාණ්ඩාගාරය හිස් කිරීම හේතුවෙන් රටේ ආර්ථිකය තව තවත් ආගාධයට යමින් තිබෙන බවද ඔහු කියා සිටියි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 ජනවාරි 1 දින වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රු. බිලියන 74.74 ක් විය. එය 2021 සැප්. 30 (අද) වන විට රු. බිලියන 1,3332.21 කි.

මාස 20 ට අච්චු ගසා ඇති මුදල රු. බිලියන 1,257.47 ක් හෙවත් රුපියල් කෝටි එක් ලක්ෂ විසි පන් දහසකට වැඩි ය. අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වූ පසුව මේ දක්වා රු. කෝටි 4784 ක් හෙවත් මත්තල ගුවන්තොටුපල සෑදීමට වැය වූ මුදලට ආසන්න මුදලක් අච්චු ගසා ඇති බව රජිත් තෙන්නකෝන් මහතා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here