Tuesday, September 24, 2024

සිංහල සිංදුවට පිස්සු හැදුනු සල්මන්,අමිතාබ්, ශාරුක්‌ යෝහානිට දීපු තෑගි

යෝහානිගේ සාර්ථකත්වය දෙස ලංකාවේ එතරම් දුරට නොබැලුවට ඉන්දියාව නම් ඉන්නේ පිස්සු වැටිලා. සිංහල සින්දු වලට ඉන්දියාව විතරක් නෙමෙයි යුරෝපයට් දැන් පිස්සු වැටිලා.

හැමෝම හරි අපුරුවට සිංහල සින්දු කියන අයුරුත් දැක ගන්න පුළුවන්. ඉතින් යෝහානිගේ පළමු ඉන්දීය ප්‍රසංගය ඇති සාර්ථක ලෙස අවසන් වුණා. ප්‍රසංගය බලන්න බොලිවුඩ් තරු රැසක් පැමිණ තිබුණා. පැමිණි පිරිසගෙන් යෝහානිට හිතා ගන්න බැරි තෑගිත් ලැබිලා.

ඇයගේ පළමු ප්‍රසංගය නැරඹීමට පැමිණි ශාරුක් යෝහානිට තමන්ගේ මන්දිරයට පැමිණෙන්න කියලත් ආරාධනා කරලා. ඒවගේම ඔහුගේ බිරිඳ යෝහානිව අතින් අල්ලාගෙන මේ පුංචි කෙල්ල මුළු භාරතයම පිස්සු වැට්ටුවා නේ” කියලා ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රතිචාර දක්වා තිබුණා.

ශාරුක් වගේම කාජල්, ප්‍රියංකා, ජැක්ලින්, ටයිගර් ඇතුළු සුපිරි ඉන්දීය තරු යෝහානිව බලන්න ඇවිල්ලා ඇයට ලෙන්ගතුව සුභ පැතුම් එක් කරලා. ඒවගේම බොලිවුඩ් සුපිරි තරු අමිතාබ් භච්චන්ගේ ගෙදරටත් යෝහනි ගොස් ඇති බවත් එහිදී ඔහු වටිනා මුදල් තෑග්ගක් ලබා දී ඇති බවත් වාර්තා වෙනවා.

පදික වේදිකාවේ ගීත ගයමින් සිටි රනු මොන්ඩාල් මතකද? ඇයගේ ජීවිතයත් නොසිතපු වේලාවකදී වෙනස් වෙනවා. ඇය පදික වේදිකාවේ ගයන ගීතයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන්. එතැනදී ඇයගේ ජිවිතයම වෙනස් කරමින් බොලිවුඩ් සුපිරි තරු සල්මන් ඛාන් කොටි 5ක නිවසක් ලබා දී තිබිණි. මේවන විටත් ඇය පදිංචිව සිටින්නේ එම නිවසේ බව සඳහන් වේ. ඒවගේම රනු ත් යෝහනිගේ මැණිකේ මගේ හිතේ ගීතය ගයා යු ටියුබ් වෙත මුදා හැර තිබ්බා. නමුත් ඇයට හිමිවූ තත්වය ඇයගේ උද්දච්චකම නිසා නැති වෙනවා.

ඉතින් ලංකාවේ යෝහානි මේ වන විට ඉන්දියාවේ ඇති සාර්ථක ගමනක් යමින් සිටිනවා. ඊයේ සල්මන් ඛාන්ගේ රියදුරු යෝහානි නවාතැන් ගෙන සිටින හෝටලයට පැමිණ මල් කළඹක් ලබා දීල. එම මල් කළඹේ අපුරු සටහනක්හා තිබිලා. ඒක පටන් අරන් තියෙන්නේ “හායි මැණිකේ” යනුවෙන්.

ඒවගේම මම ඔයාගේ හෙට පැවැත්වෙන හයිද්‍රාබාද්හි සංගීත ප්‍රදර්ශණයට එනවා. ඒවගේම ඔබව මුණ ගැහෙන්නත් කැමතියි කියලා සල්මන් ඒ සටහනෙන් දන්වලා. ඉතින් රනු ගේ ජිවිතයම වෙනස් කළ සල්මන් යෝහානිට මොන විදියේ තෑග්ගක් දෙයි ද කියලා මේ වන විට ඉන්දියාවේ බෙහෙවින්ම කතා බහට ලක් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles