දේශපාලඥයින්ගේ පිහිටෙන් ජාවාරම් සිදුකරන්න OIC වත් මාරු කරලා

0
481

ගිං ගඟේ සහ වනාන්තරයේ නීති විරෝධී කටයුතුවල යෙදී සිටි ජාවාරම්කරුවන්ගේ නියෝග මත අසාධාරණ ලෙස තමන් තංගල්ල පොලිස් කොට්ඨාසයට මාරු කර ඇති බැවින් ගාල්ල දිස්ත්‍රික්කයේ තෙලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කර ඇත.

1993 මාර්තු 3 වන දින තමන් රක්ෂිත උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳුණු අතර ඉතා සංකීර්ණ අපරාධ සහ බොහෝ භයානක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශනයට සම්බන්ධ වූ බවත් නීති විරෝධී වැලි ගොඩ දැමීම සහ දැව ජාවාරම සිදු කළ අයට ප්‍රාදේශීය දේශපාලනඥයින් කිහිප දෙනෙකුගේ සහයෝගය සහ ආවරණය ඇත.

පෙත්සම්කරු පවසන්නේ ඔහු තෙලිකඩ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සිටියදී ගිං ගඟේ අනවසරයෙන් වැලි ගොඩ දැමීම, ප්‍රදේශයේ නීති විරෝධී ලෙස දැව කැපීම, හෙරොයින් ජාවාරම සහ වෙනත් අපරාධ රැසකට සම්බන්ධ වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සහ ඔහු යටතේ සිටි නිලධාරීන් කිහිප දෙනකු අත්අඩංගුවට ගත් බවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here