Wednesday, September 25, 2024

මිනිසාට සමාන නව මිනිස් රොබෝ

කෘතීම බුද්ධියෙන් ස්වයංක්‍රීයව රථ වාහන ධාවනය සාර්ථක කරගත් ටෙස්ලා සමාගම නව මානව රොබෝවරයෙකු හඳුන්වාදීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි.

මිනිසෙකුට බොහෝ සමානකම් ඇති ප්‍රථම අවධිය සහිත රොබෝවරයා ලබන වසරේ එළිදැක්වීමට සැලසුම් කර ඇති බව ටෙස්ලා සමාගමේ ප්‍රධානී එලන් මස්ක් පවසා ඇත. කෘතීම බුද්ධිය සම්බන්ධයෙන් අත්පත් කරගෙන ඇති දැනුම හා නව තාක්ෂණික ක්‍රමවේද පිළිබඳ ඔහු එහි දී පැහැදිලි කර තිබිණ.

සමාගම සතු ලොව ඉහළම තාක්ෂණික ක්‍රමවේදවලට අනූව නිෂ්පාදනය වන බැටරි තාක්ෂණය ද නව රොබෝවරයා නිෂ්පාදනය වේ. සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස කතාබහ කිරීමට හැකිවන ලෙස මෙම රොබෝ මිනිසා, මිනිසා වෙත හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.

නව රොබෝ මිනිසාහට පැයට කිලෝමීටර 4ක වේගයෙන් දිවීමේ හැකියාව ඇති අතර අඩි 5 අඟල් 8ක උසකින් යුක්තය. රොබෝ මිනිසාහට කැමරා 6ක් සවිකර ඇති අතර අවශ්‍ය දත්ත හා තොරතුරු දැක්වීමට මුහුණ ප්‍රදේශයේ ඩිජිටල් තිරයක් ආකාරයට සකස් කිරීමට සැලසුම් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles