ලන්ඩනයේදී ජය දද නැංවූ ලාංකීය මෝස්‌තර ශිල්පියා

0
740

ලන්ඩන් නුවර පැවති මෝස්‌තර නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිධාරීන්ගේ මෝස්‌තර නිර්මාණ ශිල්පීන්ගේ සතියේදී එක් අංශයක ජයග්‍රහණය හිමිකරගැනීමට ශ්‍රී ලාංකික මෝස්‌තර නිර්මාණ ශිල්පියෙකු වන අමේෂ් විජේසේකර සමත් වී තිබේ.

පැරිස් නගරය, මිලාන්, ජපානය, ඉන්දියාව, චීනය සහ තායිවානය ඇතුළු ලෝකය පුරා මෝස්‌තර නිර්මාණ අධ්‍යයන ආයතන රාශියක නිර්මාණ ශිල්පීන් සහභාගි වූ මෝස්‌තර නිර්මාණ සතියේදී “ඉන්ටර්නැෂනල් කැට් වෝක්” අංශයෙනුයි, ඔහුට ජයග්‍රහණය හිමි වී තිබෙන්නේ.

‘මෝස්‌තර නිර්මාණ ශිල්පය පිලිබඳ උපාධිධාරීන්ගේ සතිය’ මෙවර සිය විසි පස් වැනි සංවත්සරය සැමරීය.

  1. ගොඩනැගිලි අලංකරණය පිළිබඳ නිර්මාණ ශිල්පිනියක වන තම මව සහ පවුලේ වෙනත් සාමාජිකයන් ගෙන් ලද ආභාෂය මත මෝස්‌තර නිර්මාණකරණයට යොමු වූ අමේෂ්, මෙම ජයග්‍රහණයත් සමගම ශ්‍රී ලංකාවේ බතික් කර්මාන්තය ඇතුළු සම්ප්‍රදායික ඇඟලුම් ක්ෂේත්‍රය අනාගතයේ දී ලෝකයට හඳුන්වාදීම සිය අපේක්ෂාව බවත් පවසයි. dinamina

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here