හමුදාව රටට බරක් – නිර්මාල් රංජිත් දේවසිරි

0
329

ආර්ථික අර්බුදයට මුල් යන  හිසින් යුතුව  ආචාර්ය නිර්මාල් දේවසිරි  සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇති අතර විශාල මිලිටරි යාන්ත්‍රණයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයට හේතුව බව ඔහු පවසයි.

ඔහුගේ එම සටහන පහතින් 


ආර්ථික අර්බුදයේ මුල්!!!
=============
මගේ අදහසේ හැටියට දැන් ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට මුල්වී ඇති හේතු මේවාය.
* රටට දැරිය නොහැකි මට්ටමේ විශාල මිලිටරි යන්ත්‍රයක් නඩත්තු කිරීම හා ආර්ථික ප්‍රතිඵල ගැන නොසිතා වියදම් අධික යුද්ධයක් කිරීම
* වටිනාකම් උපයනවාට වැඩියෙන් වියදම් කරන මධ්‍යම පංතියක වර්ධනය
* දුරදිග නොබලා ආර්ථිකය තාවකාලිකව ක්‍රියාකාරී කිරීමට හා දේශපාලන අරමුණු මත විදේශ ණය ලබාගෙන සිදුකල සැබෑ ලෙස ආදායම් උපදවන්නේ නැති ඊනියා සංවර්ධන ව්‍යාපෘති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here