සතොසේ තවත් වංචාවක් ගැන සීඅයිඩී විමර්ශනයක්

0
348

සුදු ලූනු වංචාවට සමාන තවත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හොර රහසේ විකිණීම සම්බන්ධ වංචාවක් සතොස තුළ සිදුවී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද එම තොරතුරු සනාථ කර ගැනීමට විමර්ශන කටයුතු සිදුකිරීමට රහස් පොලිසියට පැවරූ බවද මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවසීය.

දැනට පෑලියගොඩ පොලිසියේ විමර්ශන කණ්ඩායම් වලට එම සෑම කරුණක්ම සම්බන්ධව විමර්ශනය කිරීමට අසීරු නිසා එම වංචාව පිළිබඳව විමර්ශන සිදුකිරීමට රහස් පොලිසියට පැවරූ බව ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර පෑලියගොඩ පොලිසියේ ප‍්‍රකාශකයකු පැවසුවේ සුදු ලූනු වංචාවට අමතරව තවත් වංචා පිළිබඳ තොරතුරු ලැබෙන නිසා ඒ බව රහස් පොලිසියට භාරදීමට සිදුවූ බවය.

දිවයින

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here