ඇතැම් ප්‍රදේශවලට පාවී ආ මකුළුදැල් පිටසක්වලින්ද? පැහැදිලි කිරීම මෙන්න

0
331

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පාවෙමින් පැමිණ තිබු මකුළුදැල්වලට සමාන ද්‍රව්‍ය ස්වභාවික දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ මකුළුවන්ගෙන් මෙය නිර්මාණය වු දෙයක් බවය.

මොනරාගල, අම්පාර, දෙහිඅත්තකණ්ඩිය, සූරියවැව යන ප්‍රදේශවල ඊයේ උදෑසන කාලයේ සිට අහසෙන් පාවෙමින් පැමිණි මෙම ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු වාර්තා වී තිබුණි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් ජනතාව සඳහන් කළේ,“නූල්වලට සමාන මකුළු දැල් වගේ තමයි දැක්කේ. අහසේ පාවීගෙන ආවා. ලොකු කෑලිත් ආවා.”

කෙසේවෙතත් මෙය මකුළුවන්ගේ ස්වභාවික ක්‍රියාවලියක් හේතුවෙන් ඇතිවු දෙයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.

“මේ වැටිලා තියෙන දේ පරීක්ෂා කරපුවාම මේක ස්වභාවික දෙයක් කියලා තමයි කියන්න පුළුවන්. මේ කාලයේදී මකුළුවෝ බිත්තර දාලා ඒ බිත්තර පුපුරලා පැටවු එනවා. ඒ පැටව් එහෙ මෙහෙ යන්න අවශ්‍ය වුණාම බඩෙන් පොඩි කෙන්දක් නිකුත් කරනවා. ඊට පස්සේ ඒක දිගේ යනවා. ඒ කෙන්ද පාවෙලා ගිහින් මේ විදිහට තැන් තැන්වල රැඳෙනවා. විශාල ප්‍රමාණයක් පැටවුන් ඒ විදිහට සිදුකරන නිසා මේ වගේ අවස්ථා අපේ රටේ පමණක් නෙමෙයි ගොඩක් රටවලදි දකින්නට පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here