ඉන්දීය විදේශ ලේකම් ත්‍රිකුණාමලය තෙල් ටැංකි නිරීක්ෂණ සංචාරයක

0
319

ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා අද (03) දහවල් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නීරීක්ෂණ සංචාරයට පැමිණියා.

පහළ ටැංකි සංකීර්ණයේ සංවර්ධන කටයුතු සහ ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා බලශක්ති සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කිරීමේ හැකියාවන් සම්බන්ධයෙන් ලංකා IOC ආයතනය එහිදී ඉන්දීය විදේශ ලේකම්වරයාව දැනුවත් කර ඇති බවයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේ.

ඔහු හෙට (04) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අනතුරුව ඒ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙනු ඇත. ඉන් අනතුරුව ඉන්දීය විදේශ ලේකම් ෂ්‍රිංග්ලා මහතා සහ මෙරට විදේශ අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පැවත්වේ.

මෙි අතර ඉන්දීය විදේශ ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයේ සාකච්ඡාවට ගැනෙන කරුණු පිළිබඳව ද හින්දු පුවත්පත කරුණු වාර්තා කර තිබේ.

එහි දැක්වුණේ, කොවිඩ් මර්දන එන්නත් කඩිනමින් ශ්‍රී ලංකාවට ලබාදීම, කොවිඩ් වසංගතය හේතුවෙන් බිඳ වැටී ඇති මෙරට සංචාරක ක්ෂේත්‍රයට ලබාදිය හැකි සහාය හා ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදෙස් සංචිත අර්බුදය හමුවේ මෙරටට ආර්ථිකමය වශයෙන් ලබාදිය හැකි සහයෝගය පිළිබඳව මෙහිදී අවදානය යොමු වනු ඇති බවය.

ඉන්දු – ශ්‍රී ලංකා දෙපාර්ශ්වයට අමතරව මාලදිවයින් නියෝජිතයින්ගේ ද සහභාගීත්වයෙන් ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය හා මුහුදු මංකොල්ලවලට එරෙහිව ත්‍රෛපාර්ශ්විකව ගත හැකි ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනද සාකච්ඡාකිරීමට නියමිත බව ද හින්දු පුවත්පත පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here