ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට ඇති සියලු දේශසීමා විවෘත කර තබන්නැයි එරට කතුන් පිරිසකගෙන් අසල්වැසි රටවලට ඉල්ලීමක්

0
351
Afghan women's rights defenders and civil activists protest to call on the Taliban for the preservation of their achievements and education, in front of the presidential palace in Kabul, Afghanistan September 3, 2021. REUTERS/Stringer - RC26IP91N4S1

ඇෆ්ගනිස්තානයෙන් පිටවීමට ඇති සියලු දේශසීමා විවෘත කර තබන්නැයි එරට කාන්තාවන් පිරිසක් අසල්වැසි රටවලින් ඉල්ලීමක් කර තිබේ.

මේ වනවිට ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඇෆ්ගනිස්තාන කාන්තාවන් පිරිසක් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත්තේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව වෙත පැමිණි අවස්ථාවේදීය.

එහිදී එරට මහජන නියෝජිතයන් හමුවූ එම ඇෆ්ගනිස්තාන කාන්තා නියෝජිතයන් පිරිස කිසිදු අවස්ථාවක තලේබාන් පාලනය නීත්‍යානුකූලව පිළි නොගන්නැයි ඔස්ට්‍ර්ලියානු මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිට ඇත.

ජනමාධ්‍යවේදිනියන්, කලාකාරියන්, සමාජ ක්‍රියාකාරිනියන්, අධ්‍යාපනඥයන්, රජයේ සේවකයන් ආදි වශයෙන් පසුගිය කාලය තුළ ඇෆ්ගනිස්තානයේ කටයුතු කළ විශාල කාන්තාවන් පිරිසක් මේ වනවිට දැඩි පීඩාවකට පත්ව සිටින බව එම නියෝජිත පිරිස පෙන්වා දී තිබේ.

තලේබාන් සංවිධානය විසින් මාධ්‍ය යොදාගෙන පිරිමින් සමග එකට කාර්යාලවල සේවය කළ කාන්තාවන් ගණිකාවන් ලෙස හැදින්වීමේ ප්‍රචාරක වැඩපිළීවෙළක් දියත් කර ඇති බව ත් මෙම තත්වය තුළ අදාළ කාන්තාවන්ට අවස්ථාවක් ලද සැණින් රටින් පිටවීමට අවස්ථාව තිබිය යුතු බවත් මෙහිදී අවධාරණය කර ඇත.

සාගර දේශසීමාවක් නොමැති ඇෆ්ගනිස්තානය මූලිකව, පකිස්තානය, ඉරානය, උස්බෙකිස්තානය, තජිකිස්තානය, ටර්ක්මේනිස්තානය සහ චීනය සමග සිය දේශසීමාව බෙදා ගනියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here