Tuesday, November 19, 2024

චීනයට ඕනෑ දේ පමණක් අන්තර්ජාලයෙන් තෝරා දෙන, ජංගම දුරකතනවලට එරෙහි ලිතුවේනියානු සටන.

චීනයේ නිෂ්පාදිත දුරකථනයක ඇති වාරණ යෙදවුමක් පිළිබඳ අනාවරණය කර ගැනීමත් සමඟ ලිතුවේනියානු රජය එම දුරකථන භාවිත නොකරන්නැයි එරට දුරකථන හිමිකරුවන්ගෙන් ඉල්ලීම් කර තිබේ. එරට ජාතික සයිබර් ආරක්‍ෂක මධ්‍යස්ථානයේ (NCSC) වාර්තාවකින් හෙළිදරව් වී ඇත්තේ චීනයේ නිෂ්පාදිත අදාළ දුරකථනයේ වෙබ් සෙවුම් යාන්ත්‍රණයේ කොන්දේසි සහිත වාරණ යෙදවුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ඒ අනුව එම දුරකතනය හරහා සිදුකරන අන්තර්ජාල තොරතුරු සෙවීම්වලදී චීනයට අවශ්‍ය පරිදි ඇතැම් තොරතුරු දේශපාලන අරමුණෙන් වාරණය වීමක් සිදු වේ. “වෙබ් සෙවුම් පෙරහන් කරනු ලබන හෝ පෙරීමට ඉඩ සලසන වාරණ යෙදවුමක් සහ මූල පද ඇතුළත් කර තිබීම ඉතාමත් කනස්සල්ලට කරුණක්” යැයි ලිතුවේනියානු උප ආරක්‍ෂක ඇමති මාගිරිස් අබුකෙවිචියස් වොයිස් ඔෆ් ඇමරිකා සේවයට (VOA) පවසා තිබේ.පර්යේෂකයන්ට අනුව, යුරෝපයේ අලෙවි කරන Xiaomi දුරකථනවල බ්ලැක් ලිස්ට් යෙදවුම ක්‍රියා කිරීමේ හැකියාව ක්‍රියාවිරහිත කළ නමුත් එය දුරස්ථව සක්‍රිය කළ හැකිය.අවහිර කළ සෙවුම් පද ලැයිස්තුව අඛණ්ඩව යාවත්කාලීන වන බව වාර්තාව පවසයි.මීට පෙර Huawei හි ද එවැනිම තත්ත්වයක් අනාවරණය විය.

“එම මූලික වචන සියල්ලම දේශපාලන අභිප්‍රේරණයන් බව අප පැහැදිලිව දැක තිබෙනවා,” අබුකෙවිචියස් පැවසීය.”ටිබෙට්, තායිවානය, ප්‍රජාතන්ත්‍රවාදය, එක්සත් ජනපදය සහ වොයිස් ඔෆ් ඇමරිකා වැනි වචන එම වාරණ යෙදුම් ලැයිස්තුවේ මූල පද අතරට ඇතුළත් කර ඇති බව වාර්තාව පෙන්වා දෙයි. තවද ඔවුන් චීන භාෂාවෙන් පමණක් නොව ලතින් භාෂාවෙන් ද වචන එකතු කිරීමට කටයුතු කර තිබේ. මෙම අනාවරණය හේතුවෙන් ලිතුවේනියාව,සිය රජයේ සේවකයින්ට පවසා ඇත්තේ චීන දුරකථන ඉවත් කරන ලෙසයි.

ජාතික ආරක්‍ෂාව තුළ වැඩ කරන රාජ්‍ය ආයතන සහ ආයතන ආරක්‍ෂා කර ගැනීමටත් විශ්වාසවන්ත සැපයුම්කරුවන් සමඟ පමණක් වැඩ කිරීමට අවස්ථාවක් ලබා දීමට ක්‍රමවේදයන් සොයමින් සිටින බව අබුකෙවිචියස් පවසනු ලැබුවේ ඒ අනුවයි. මෑතකදී චීනයේ තර්ජන නොතකා තායිවානය සමඟ සබඳතා වැඩිදියුණු කිරීමට ලිතුවේනියාව ගත් තීරණයත් සමඟ දෙරට අතර සබඳතා වියැකී ගිය යමින් තිබේ.

පසුගිය මාසයේදී යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් ලිතුවේනියාව සඳහා සහයෝගය ලබා දුන් අතර යුරෝපා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 60 කට වැඩි ප්‍රමාණයක් විවෘත ලිපියකින් සිය සහයෝගය ප්‍රකාශ කළහ. ලිතුවේනියාවේ පෙට්රාස් ඔස්ට්රිවිසස්, ජර්මනියේ රයින්හාර්ඩ් බුටිකෝෆර් ඇතුළු යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයින් සහ රටවල් 20 ක සාමාජිකයින් සහ විවිධ දේශපාලන කණ්ඩායම් 5 ක් විවෘත ලිපියක් ආරම්භ කරමින් චීනයේ තර්ජන වැඩෙමින් පවතින බෝල්ටික් රාජ්‍යයක් වූ ලිතුවේනියාව සහ තායිවානය සඳහා සිය සහයෝගය පළ කිරීමට කටයුතු කර තිබුණි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles