ගාල්ල නගරයේ කඩ සාප්පු වසා අද (16) හර්තාල් ව්‍යාපාරයක්

0
923

 

වැට් බදු වැඩිකිරීමට විරෝධය පළ කරමින් ගාල්ල නගරයේ කඩ සාප්පු වසා අද (16) හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර ඇත.

ගාල්ල දිස්ත්‍රික් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විරෝධතා ව්‍යාපාරය සංවිධානය කර ඇත.

ගාල්ල ඔරොප්පුවත්ත ප්‍රධාන කාර්යාලය අසල සිට උදේ 10ට පෙළපාළියකින් බස් නැවතුම්පොළ දක්වා ගොස් විරෝධතාව පවත්වන බව ද විරෝධතාවයට ගාල්ල නගරය, ගිංතොට, කලේගාන, දෙවට, කරාපිටිය ආදී නගර සභා බල ප්‍රදේශවල ව්‍යාපාරිකයන් සේවක සේවිකාවන් ඇතුළු තුන් දහසක පමණ පිරිසක් එක්වන බවද වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ සභාපති සිරිල් ජයන්ත මහතා පවසයි.

වැට් බදු වැඩිවීමෙන් ව්‍යාපාරිකයන් පත්ව ඇති අපහසුතාවය රජයට දැනුම් දීමට මෙය සංවිධානය කළ බවත් මෙයින් පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවයට කනගාටුවන බවත් ජයන්ත මහතා කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here