කිරිපිටි මිල පිළිබඳව අවසන් තීරණය අද..

0
378

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් යෝජනාව අද (04) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

කිරිපිටි මිල ඉහළ නැංවීමට පියවර ගන්නා ලෙස කිරිපිටි ආනයනකරුවන් අවස්ථා ගණනාවකදී රජයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒ අනුව කිරිපිටි මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති අතර ඒ පිළිබඳව අද දිනයේ කැබිනට් මණ්ඩලයේදී අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් වරායෙන් නිදහස් කරගැනීමට නොහැකි වූ  කිරිපිටි අද දිනයේ සිට නිදහස් කරගැනීමට කටයුතු කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීය.

ඒ අනුව කඩිනමින් අදාළ කිරිපිටි වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here